Call for participation/Appeal letter/si

From Strategic Planning


අපහට පුදුමය දනවන දෙයක් වන්නේ දශකයකට අඩු කාලයකට ඉහතින් විකිපීඩියාව නොපැවතීමයි. දැන්, සැම මසකම මිලියන 330 ජනතාව විකිපීඩියාව භාවිතා කිරීම නිසා, එය ලෝකයේ අතිශයින් බහුලව භාවිතා වන්නාවූ මාර්ගගත දැනුම් මූලාශ්‍රය බවට පත්ව තිබේ. අවසන් වසර අට තුලදී සිය දහස් ගණන් ස්වේඡ්ඡා සම්පත් දායකයන් විසින් විවිධ විකිමාධ්‍ය ව්‍යාපෘති නිර්මාණය කොට ඒවා නඩත්තු කොට තිබේ.

අප බොහෝ දේ ඉෂ්ට කර ගත්තද, අපගේ දැක්ම, එනම්, සමස්ත මානව දැනුම් සම්භාරය සෑම එක් පුද්ගලයෙකුටම නිදහසේ භුක්ති විඳීමේ හැකියාව සහිත ලොවක් බිහිකරලීම, ඉෂ්ට කරගනු වස් අප විසින් තව බොහෝ දේ කල යුතව ඇත. අප විසින් ඉටු කර ගත් සාර්ථකත්වය උපයෝගී කොට ගෙන අප ඉදිරියේ ඇති බාධක මැඬපවත්වා ගැනුමට හැකියාවක් ගොඩ නගා ගන්නේ කෙසේද? ලොව ජනගහනයෙන් පහෙන් එකකට අඩු ප්‍රමාණයක් අන්තර්ජාලයට පියිසුමට හිමිකම් ලබති. වර්තමානයේදී සිය දහස් ගණන් ස්වේඡ්ඡා සම්පත් දායකයන් විසින් විකිමාධ්‍ය ව්‍යාපෘතීන්ට දායකත්වය සැපයුවද, ඔවුන් ලොව නානාප්‍රකාරත්වය සම්පූර්ණයෙන් නියෝජනය නොකරති. නිදහස් දැනුම නිර්මාණය කොට එය හවුලේ භුක්ති විඳීමට සැලසීමට අප ක්‍රියා කරද්දී බොහෝ විකල්පයන් අප ඉදිරියේ පෙනී සිටිති.

විකිමාධ්‍ය ව්‍යාපාරය සඳහා උපායමාර්ගික සැලසුමක් නිර්මාණය කරනු වස් එක්-අවුරුදු දිගු ක්‍රියාමාර්ගයකට අප මුල පුරා සිටිමු. විශේෂිත වශයෙන්, අප තේරුම් ගැනුමට උත්සාහ කරනුයේ:

  • අප දැනට කුමන තැනක පසු වෙමුද?
  • තව පස් වසරකින් කුමන තැනක සිටීමට අප හට අවශ්‍යයද?
  • දැන් සිටින තන්හී සිට එම තැනට ලඟා වීමට අප කුමක් කල යුතුද?

මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනුමට අපට උපකාරී වන්න. ඒවා ගවේශනය කරන්න, විශ්ලේෂණය කරන්න, අපගේ දැකුම හා අපගේ සාරධර්ම අරභයා ඒවා කුමක් හඟවයිද යන්න පිලිබඳ ආවර්ජනය කරන්න. ඔබ විසින් උදවු කල හැකි ආකාර පහක් පහත දැක්වේ:

  • කාර්ය බලකායකට එක් වන්න. විවිධ මාතෘකා ගවේෂණය කොට ඒවා හා සම්බන්ධ නිර්දේශාවලියක් එලිදක්වන කාර්ය බලකායන් රැසක් අප විසින් සංවිධානය කරනු ලැබේ. සහභාගී වීමට ඉල්ලුම් කරන්න, නැතහොත් ඔබගේම ස්වීය යාවත්-කාර්ය කණ්ඩායම් තනා ගන්න.
  • ඔබ විසින් කෙසේ උදවු කල හැකිදැයි අප වෙත දන්වන්න. අප‍ගේ අවධානයට ලක්වී ඇති විෂය වස්තූන් අතුරින් එකක් පිලිබඳ ඔබ විශේෂඥයෙකු නම්, අපගේ ප්‍රවීණයන්ගේ දත්තගබඩාවට ඔබ එක්කරලන්න. කාර්ය බලකා වලට සහ අනෙකුත් ස්වෙඡ්ඡා සම්පත් දායකයින්ට ඔබ හා සම්බන්ධ වී ප්‍රශ්න යොමු කිරීමට එවිට හැකි වනු ඇති අතර ඔබට කාලය ඇති විටෙක ඒවාට ප්‍රතිචාර දැක්වීමටද හැකි වනු ඇත.
  • ඔබගේ අදහස් එළිදක්වන්න. මූලෝපාය විකිහි යෝජනාවක් ලියා දැක්වීමෙන්, එහි දැනටමත් ඇති යෝජනා සංවිධානය කිරීමට හා වැඩිදියුණු කිරීමට උපකාරී වන්න. ඔබගේ බ්ලොග් හි, තැපැල් ලැයිස්තුවන් හි, Identi.ca, Twitter, සහ Facebook වැනි සමාජ ජාලයන්හි ඔබගේ අදහස් ස්ථාපනය කරන්න. #wikimedia මගින් මෙම අදහස් ටැග් කරන්න හෝ මූලෝපාය විකි හි ඒවා වෙත සබැඳියන් පිහිටුවීමෙන් අනෙකුන්ට ඒවා දැකීමට අවකාශ සපයන්න.
  • මූලෝපාය පිලිබඳ සංවාදයන් සංග්‍රහණය කරන්න. හොඳ සැලසුම් නිර්මාණය කෙරුම සඳහා අප හට පුළුල් සහභාගිත්වයන් ඇවැසි වෙයි. විකිමාධ්‍යයෙහි අනාගතය පිලිබඳ අදහස් සහිත සියළු දෙනා සමග සංවාදයෙහි නියැලීමට කාර්ය බලකා වලින් බලාපොරොත්තු වීම උගහටය. ඔබ හට උදවු කල හැක්කේ මෙහිදීය: මූලෝපාය පිලිබඳ ඔබගේ සංවාදයන්, පුද්ගල වශයෙන් හෝ මාර්ගගත ලෙසින් සංග්‍රහණය කොට ඒවායේ පුතිඵල මූලෝපාය විකි හි ප්‍රකාශයට පත් කරන්න. මූලෝපාය සැසි සංග්‍රහණය කෙරුමට සැකිලි හා මෙවලම් මූපෝපාය විකි තුල ඇත.
  • අපට කථා කරන්න. මූලෝපාය කණ්ඩායමට ප්‍රතිපෝෂණය සපයන්න. ව්‍යාපෘති සඳහා ඔබගේ අදහස්, ඔබගේ බලාපොරොත්තු, ඔබගේ සැක සන්ත්‍රාසයන්, ඔබගේ අභිමතාර්ථයන් අපහට පවසන්න. මූලෝපාය විකි වෙත ප්‍රතිපෝෂණය එක්කරන්න හෝ strategywikimedia.org වෙත විද්‍යුත් තැපෑලක් එවන්න

ඔබ හට සහභාගි විය නොහැකි නම්, මෙම අතිශයින් වැදගත් ව්‍යාපෘතියට අනුග්‍රහය සපයනු වස් පරිත්‍යාගයක් කෙරුමට ඔබ අදහස් කරන්නෙහිද? එවැනි පරිත්‍යාගයක්, අපගේ ගෝලීය නිදහස් දැනුම් ව්‍යාපෘතීන් වෙත සෘජු ලෙසින් අනුග්‍රහය සපයනු ඇත. අපගේ ව්‍යාපෘතීන්ට දායකත්වය සපයනු වස්, අපගේ තාක්ෂණය දියුණු කරනු වස්, සහ අපගේ කෘත්‍යයන්ට අනෙකුත් ආකාර වලින් අනුග්‍රහය සැපයුමට ස්වේඡ්ඡා ශ්‍රම දායකයන්ද අපට ඇවැසිය.

අපගේ ශිෂ්ඨාචාරය විපර්යාස කොට, සියළු මානව වර්ගයාහට සම අවස්ථා සැපයුම සඳහා විශ්මිත අවස්ථාවක් මෙම සියවස විසින් අපහට ලඟාකර දී ඇත. ග්‍රහලෝකය මත දිවි ගෙවන සියළු ජනයා සමග දැනුම බෙදාගැනුමෙහි අපගේ කෘක්‍යය හා සමග ඔබ අත්වැල් බැඳගනු ඇතැයි අප බලාපො‍රොත්තු වෙමු.

ඔබගේ,
මයිකල් ස්නෝ
මූලික, විකිමාධ්‍ය පදනම
ජිමී වේල්ස්
විකිපීසියාව හා විකිමාධ්‍ය පදනමෙහි ප්‍රාරම්භක


විද්‍යුත් තැපැල් ප්‍රතිචාර

විකිමාධ්‍ය පදනමෙහි මූලෝපාය නිමැවුම් කණ්ඩායමට විද්‍යුත් ගැපැල් එවීම ගැන කෘතඥ වෙමු. ඔපගේ විද්‍යුත් තැපෑල ලැබී ඇති අතර එය හැකි තරම් විගසින් කියවනු ඇත. කාර්ය බලකායකට තෝරාගත් එක් එක් පුද්ගලයන් හා අප විසින් ඉක්මනින් සම්බන්ධ වනු ඇත. මූලෝපාය විකී (http://strategy.wikimedia.org) හි තොරතුරු භාවිතයෙන්, ඔබගේම ස්වීය කාර්ය බලකාය තැනීම හා, ඔබගේ අධිගමනයන් හා නිර්දේශයන් අපවෙත වාර්තා කිරීමටද ඔබ හට පූර්ණ නිදහස ඇත.

උදවු කිරීමට ඔබගේ අභිලාෂයට තුති කරමින් ඔබ හට සියළු සැප පතමු.

අවංක,

අඩවිනිවේදනය

  • {{SITENAME}} හි සහ එහි සහෝදර ව්‍යාපෘතීන් හි අනාගතය නැගුමට උදවු කරන්න! <br /> ජිමී වේල්ස් හා මයිකල් ස්නෝ වෙතින් <a href="http://volunteer.wikimedia.org">ලිපියක් කියවන්න </a>.

මාතෘකාව

ජිමී වේල්ස් හා මයිකල් ස්නෝ වෙතින් ලිපියක් කියවන්න.

බොත්තම

දැන් ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වන්න